Social Icons

Featured Posts

Monday, August 5, 2013

Sniper Ghost Warrior (මේක නම් උණුම උණුම උණුම උණුයි )



ගොඩක් අය අපෙන් අහලා තිබ්බා ඇයි මේ පරණ games දෙන්නේ කියලා.ඔන්න අදත් අළුත්ම අළුත් උණු උණු shooting game එකක් අරන් තමයි මේ ආවේ.මේක නම් තවමත් ලෝකයේ first person shooting games ගහන අය අතර ඉතාමත් නැවුම් තැනක තියෙන්නේ.ඒකට හේතුව තමයි මේක ඇවිත් වැඩි කාලයකුත් නැහැ,ඒ වගේම තමයි මේ වගේ හොඳ modern tactical shooting game එකක් ළඟදී නිකුත් වුනේ නැහැ.Sniper Ghost Warrior තමයි අද දෙන්න යන්නේ.මේක හරිම ලස්සන වගේම ත්‍රිමාණ සජීවිකරණය අතින් ඉතාමත් ඉහල shooting game එකක්.2010 අවුරුද්දේ ජුනි මස 29 තමයි මේක game එක නිකුත් වුනේ.තවම මාස 2කක් වත් ගිහින් නැහැනේ.ඔන්න ඒ නිසා උණු උණුවෙම අද ඔයාලට දෙනවා Sniper Ghost Warrior.

අපිට මේ game එකේදී ක්‍රීඩා කරන්න ලැබෙන්නේ ඉලක්ක වෙඩික්කරුවෙකු විදියට.ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් sniper කෙනෙක් විදියට(hikz :D).මේ game එකේ missions 16ක් තියනවා.මේකේ තියෙන්නේ දකුණු ඇමෙරිකානු මන:කල්පිත නගරය වන Isla Truena.අන්න ඒ නගරයට යවනවා ඇමෙරිකානු භට පිරිසක් එහි සිටින ගෝත්‍රික සටන් කාමීන්ට විරුද්ධව.අන්න ඒ භට පිරිසේ ඉලක්ක වෙඩික්කරුවා විදියට තමයි ඔබ මේ ක්‍රීඩාව පටන්ගන්නේ.ඔබ ඉලක්ක වෙඩික්කරුවෙක් නිසා සුළගේ වේගය සහ හෘද ස්පන්ධය යන දේවල් වලට අවධානය යොමු කරන්න වෙනවා.ඔන්න ඕවා ගැනත් මේක ක්‍රීඩා කරන කොට සැලකිලිමත් වෙන්නකෝ.මම නම් මේ ක්‍රීඩාවේ ආසම,අපි වෙඩි තිබ්බට පස්සේ ඒ වෙඩි තියපු උණඩය යන හැටි slow motion පෙන්වන විදියටයි.ඔයාලත් මේක බාගෙන ක්‍රීඩා කරලා බලන්නකෝ.මේකේ setup file එක නම් 4GB විතර වෙනවා.


CPU: 3.2 GHz / AMD Athlon 64 3500+
RAM: 1GB for XP / 2GB for Vista and 7
VGA: Nvidia 6800 or ATI X1650, 256 MB RAM, Shader Model 3.0
DX: DirectX® 9.0c
OS: Windows® XP (SP3) / Vista™ (SP1) / 7
HDD: 6GB
Sound: Compatible with DirectX® 9.0c

Sunday, August 4, 2013

..:: PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න - make PCBs at home ::..


PCB එකක් තමන්ට ගෙදරදීම නිර්මාණය කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැනයි අද කියන්නේ.ක්‍රම කිහිපයක්ම තියෙයි .නමුත් ඒව ටිකක් සංකීර්ණයි.මේ සඳහා 
  • ආර්ට් පේපර් එකක් 
  • ලේසර් ප්‍රින්ටරයක්(වෙනත් ප්‍රින්ටර් නොගැලපේ)
  • අයන් එකක් 
  • කොපර් බෝඩ් එකක් (පරිපථයේ ප්‍රමානයට )
  • ෆෙරික් ක්ලෝරයිඩ් (Ferric chloride)
  • එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover)
  • ස්පොන්ච් කැබැල්ලක්
  • ටුවිසර් එකක් හෝ ප්ලාස්ටික් පතුරක් (කොපර් බෝඩ් එක ඉවතට ගැනීම සඳහා)
  • කොපර් බෝඩ් එකේ ප්‍රමාණයට ප්ලාස්ටික් භාජනයක් 
 මුලින්ම අපට PCB එක නිර්මාණය කර ගැනීමට අවැසි පරිපථය PCB ලේයර් එකක් විදියට මෘදුකාංගයක් හරහා නිර්මණය කරගෙන ලේසර් ප්‍රින්ටරය හරහා ආර්ට් පේපරය මතට ලබාගන්න.මෙසේ ලබා ගැනීමේදී ආර්ට් පේපරයක් මතතට ප්‍රින්ට් එක ටිකක් තදට ලබාගන්න.(ආර්ට් පේපර් කොළඹින් සොයාගත හැක.)
ඉන්පසු එය පසෙකින් තබා ඔබ කොපර් බෝඩ් එක ගෙන එය හොදින් පිරිසිඳු කරගන.(කොපර් බෝඩ් වාතයට නිරාවරණය වූ විට පුස් සැදේ. ඒවා අයින් කල යුතුය.)
 
ඉන්පසු ප්‍රින්ට් කරගත් අර්ට් පේපරය කොපර් බෝඩ් එක මත නිසියාකාරව තබා ගන්න (බෝඩ් එකෙන් පිට නොයන අයුරින්)
ඉන්පසු අයන් එක ගෙන හොඳින් අයන් කරගන්න.සැ.යු:-කොපර් බෝඩ් එක ගැනත් සෙවිල්ලෙන් ඉන්න.ඕනවට වඩා රත් වුවෝත් කොපර් පතුරු ගැලවී යා හැක.) 
ඉන්පසු කොපර් බෝඩ් එකට පේපර් එක හොඳින් ඇලවුනාට පසු හොඳින් නිවෙන්නට හැර වතුර භාජනයකට දමා පෙඟෙන්නට හැරින්න.පසුව රූපයේ පෙනෙන පරිදි සෙමින් කඩදාසි කොටස් ඉවත් කරන්න.(ප්‍රින්ට් කොටස් යන්නේනම් ඒ කොපර් බෝඩ් එකට හොඳින් ඇලවී නැත යන්න පැහැදිලිය.එම නිසා වතුරට දාන්න පෙර එම කටයුතු නිසියාකාරව සිදු කරගන්න.)
නිසියාකාරව සිදු කලේනම් රූපයේ පෙනෙන පරිදි දිස්වේ 
ඉන්පසු ප්ලාස්ටික් භාජනයට ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය දමා එයට කොපර් බෝඩය දමන්න.සැ.යු:-ෆෙරික් ක්ලෝරයිඩ් තනුක කරගත්ත ඒවනම්  යොදාගන්නේ උණුවතුර ටිකකට සම සමව එකතු කරගන්න.සාන්ද්‍ර නම් එසේ කිරීමට අවශ‍ය නැත. 
සැමවිටම ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනය තම අතින් ඇල්ලීමෙන් වලකින්න.මේ සඳහා ටුව්සරයක් හෝ ප්ලාසිටික් යම් දෙයක් භාවිත කරන්න. 
සාන්ද්‍රා ක්ලෝරයිඩ් වලින් දිය කරන්නේ නම් විනාඩි 10-15 අතර කාලයකිනුත් , තනුක නම් විනාඩි 30ක් පමන කාළයක් ගතවේ. සම්පූර්ණ දියවූ පසු භාජනයෙන් ඉවතට අරන් පිරිසිඳු ජලපහරකට අල්ලා වියලාගෙන එන්.සී ටිනර් හෝ නිය ආලේපන ඉවත් කරන කෙමිකල්(Nail polish remover) දමා හොඳින් සුද්ද කරගන්න.

Circuit Skills: Circuit Board Etching

Making of PCBs at home, DIY using inexpenive materials

Do-it-yourself LED matrix

led matrix 8x40 WMV V9

අදුර වැටෙද්දි 230V බල්බයක් ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථය..Dark activated 230V Bulb


ආලෝක සංවේදී ප්‍රතිරෝධක සම්බන්ධව විස්තර කල පළමු ලිපියේදී මා ඔබට පොරොන්දු වූවා එල්.ඩී.ආර් උපාංගයක් භාවිත කරමින් 230V බල්බයක් දල්වාගත හැකි පරිපථයක් ලබා දෙන බවට. පොරොන්දුවූ පරිද්ද්දෙන්ම අදාල පරිපථය සම්බන්ධවයි මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ හා සමාන පරිපථ සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ පරික්ෂා කිරීමේදී බොහෝ විට හමු වන්නේ 230V විදුලි සම්බන්ධ්තාවයට අමතරව එල්.ඩී.ආර් උපාංගය අයත් පරිපථ කොටසට විදුලිය ලබා දීම සදහා වෙනම බල සැපයුම් අව්ශ්‍ය වන පරිපථ නමුත් මෙම පරිපථය සදහා එවැනි අවශ්‍යතාවයක් මතු නොවන්නේ මේ සදහා කැපෑසිටර් ආශ්‍රයෙන් හීන කරන ලද බල සැපයුමක් යොදා ඇති නිසයි
රු. 75/= වැනි සුළු මුදලක් වැයකර ඉහත පරිපථයට අව්ශ්‍ය උපාංග ලබා ගත හැකි අතර පරිපථයේ දක්වා ඇති ආකාරයට නිවැරදිව පරිපථය ගොඩ නගාගැනීමෙන් අනතුරුව 230V විදුලිය හා වොට් 60ක සූත්‍රිකා බල්බයක් නියමිත ස්ථානයන්ට සම්බන්ධ කරගතයුතුය.

පවතින ආලෝක තත්වයක් යටතේ බල්බය දල්වා ගැනීම සදහා VR2 ලෙස සදහන් 10K විචල්‍ය ප්‍රතිරෝධකය ප්ලාස්ටික් වැස්මක් සහිත නියනක් ආධාරයෙන් සීරු මාරු කරගත යුතුවන අතර කිසිවිටෙකත් මෙම පරිපථය හෝ එහි උපාංග විදුලිය ලබා දී ඇති විටෙක දෑතින් හෝ ශරීරයට ස්පර්ශ නොවීමට වග බලා ගන්න. 230V මාරාන්තික විදුලිය මෙම පරිපථය තුළ ගමන් කරන බැවින් සුළු ආරක්ෂිත උප්ක්‍රමයක් ලෙස විදුලිය ලබා දීමේදී සජීවි වයරය (L) කැපෑසිටරය වෙත සම්බන්ධකරගන්න.
මෙම පරිපථයට අදාල සියළු උපාංග පිටකොටුවේ පළවන හරස් වීදියේ මයිකෝ ඉලෙක්ට්‍රොනික් ඉදිරිපිට ඇති වික්‍රම ප්ලාසා ගොඩනැගිල්ලේ පලවන මහලේ පිහිටි Sakana වෙළද සැල මගින් ලබා ගත හැකි අතර පරිපථය එකලස් කිරීම සදහා වෙරො බෝඩ් එකක් ද ලබා ගන්න.