Social Icons

Sunday, August 4, 2013

විදුලි බිලට තිත තියන්න ඕනි නම් එල්.ඊ.ඩී වලින් නිවස ආලෝකමත් කරගන්න....


පිළිස්සුන සී.එෆ්.එල් බල්බ් නැවත පාවිච්චියට ගන්න හැටි මීට කලින් ලිපියක් මගින් ඉදිරිපත් කල බව ඔබට මතක ඇති.. ඒත් එහෙම කලත් වොට් 18ක් හරි 38ක් හරි වැයවෙනවනේ. තව දුරටත් විදුලිබිල අඩු කර ගන්න පුලුවන් ක්‍රමයක් ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්න යන්නේ. මේ සර්කිට් එක නිර්මාණය කරලා අයින් කරපු සී.එෆ්.එල්. බල්බ් එකක උඩ වැස්මට සවි කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි මේ වගේ එල්.ඊ.ඩී යොදාගෙන වාණිජමය වශයෙන් නිර්මාණය කරපු විදුලි බුබුළු දැනටමත් පළවන හරස් වීදියෙන් ම්ළදී ගන්නත් පුළුවන්. මිළ නම් රු. 350/- පමණ වෙනවා. සමහර මීට වඩා අඩු මිළ ගණන් වලටත් මේ වන විට වෙළදපලෙන් සොයා ගන්නට හැකියාව තිබෙන නමුත් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රු. 100/= පමණ වැය කරලා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන් වන පරිපථයක් තමයි පහත රූප සටහනෙන් ඉදිරිපත් කරන්නේ.

මේ පරිපථය නිර්මාණය කරන්න යොදාගෙන තිබෙන සියලුම උපාංග සම්බන්ධයෙන් මීට පෙර ඵල කරපු ලිපි මගින් සාකච්චා කර ඇති බැවින් ආධුනිකයෙකුට වුවද මෙම පරිපථය එකළස් කර ගැනීමේදී ගැටළුවක් පැනනොනගිනු ඇතැයි මා විශ්වාශ කරන අතරම මෙම පරිපථය 230V ප්‍රධාන විදුලියට සම්බන්ධ වන නිසා ඔබේ ආරක්ෂාව සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතු බවද අවධාරණය කර සිටිමි.මෙහි R2 ස්ථානයේ යොදා ඇති ඕම්ස් 56 වොට් 2ක රෙසිස්ටරය මගින් පරිපථයට සම්බන්ධ එල්.ඊ.ඩී වලට ලැබෙන ධාරාව පාලනය කරන අතරම BR1 ලෙස නම්කොට ඇති Bridge Rectifier ය මගින් ප්‍රත්‍යාවර්ථ ධාරාව සරල ධාරාවක් බවට පෙරළනු ලබනවා. මේ සදහා IN4007 ඩයෝඩ 04ක් (IN4004 ත් ගැලපෙනවා) යොදා ගතහැකිය. එලෙසම c2 කැපෑසිටරය මගින් සරල ධාරාව සුමට කිරීම සිදු කරන ලබන අතරම සදහා ඒ සදහා මයික්‍රෝ ෆැරඩ් 680 ක 60V (1000uF 60v වුවද ගැලපේ.) පමණවන කන්ඩෙන්සරයක් යොදාගතයුතු වනවා.  සුදු පැහැයෙන් යුත් දීප්ත එල්.ඊ.ඩී මෙම පරිපථය සදහා යොදා ගත යුතුය. (2.8V Bright ). C1 සදහා මයික්‍රොෆැරඩ් 1ක 400V පොලිමර් ( 105) කැපෑසිටරයක් යොදා ගන්න.මෙහි දීප්තිය සාමාන්‍ය කාමරයක් එළිය කිරීම සදහා ප්‍රමාණවත් වන අතරම දීප්තිය වැඩි කර ගැනීමට එල්.ඊ.ඩී ගණන තව දුරටත් වැඩි කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී විමසා බලමු.

No comments:

Post a Comment