අද මා විස්තර කිරීමට බලාපොරොත්තුවන්නේ ඉලෙක්ට්‍රොනික්
පරිපථ නිර්මාණයන්හි තිඹිරිගෙය වශයෙන් සැලකෙන සමාන කාල පරතරකදී වෙන් වෙන්ව
එල්.ඊ.ඩී දෙකක් දැල්වෙන සරල පරිපථයයි. මෙහිදී එක් අවස්ථාවකදී දැල්වෙනුයේ
එක් එල්.ඊ.ඩී යක් පමණක් වන අතර විදුලිය ලබා දී තිබෙන තාක් කල් එක් එල්.ඊ.ඩී
යක් පමණක් මාරුවෙන් මාරුවට දැල්වීම සිදුවේ. එනම් එක් එල්.ඊ.ඩීයක් දැල්වෙන
විට අනෙක් එල්.ඊ.ඩීය නිවී යාම ස්වයංක්‍රීයව සිදුවේ.මෙම පරිපථය එකලස්
කරගැනීමට ඔබට වැය වන්නේ රු.50/= ක් වැනි මුදලක් වන අතර ඉලෙක්ට්‍රොනික්
විෂයය කෙරෙහි නැඹුරුතාවයක් නැතත් මා ඔබට ආරාධනා කරන්නේ විනෝදාන්ශයක් ලෙස
මෙම පරිපථය සාර්ථකව ගොඩ නගා ගැනීමට උත්සාහයක් දරණ ලෙසටයි.
ඉහතින් නිරූපණය වන්නේ පරිපථය සාර්ථකව ගොඩ නගා
ගැනීමෙන් අනතුරුව එය ක්‍රියා කරන අන්දමයි.මෙම පරිපථය සදහා භාවිතා කර ඇති
ට්‍රාන්සිස්ටර්, කැපෑසිටර්, රෙසිස්ටර් සහ එල්.ඊ.ඩී පිලිබදව ඔබට දැනුවත්කමක්
නොමැති නම් මීට ඉහතදී අදාල උපකරණයන් සම්බන්ධව සවිස්තරාත්මකව සාකච්චා කර
ඇති බැවින් එම ලිපි පරිශීලනය කර ඔබගේ දැනුම වර්ධනය කරගත හැකියි.මෙම පරිපථය
සදහා 100uF කැපෑසිටර් 02ක්, 10KΩ රෙසිස්ටර් 02ක්, BC547B ට්‍රාන්සිස්ටර්
02ක් සහ එල්.ඊ.ඩී 02ක් අවශ්‍ය වන අතර 3V විදුලි සැපයුමක් හෝ 1.5V බැටරි
කැබලි දෙකක්ද අවශ්‍ය වේ.
ඉහතින් දැක්වෙන්නේ ඔබ
මෙම පරිපථය ගොඩනැගීමට බලපොරොත්තු වන්නේ නම් ලබා ගත යුතු උපකරණ
ලැයිස්තුවයි. දිවයිනේ ඕනෑම ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවිසැලකින් ලබා ගත හැකි
අතර පිටකොටුවේ 2වැනි හරස් වීදියේ පිහිටා ඇති බොහොමයක් අලෙවි සැල් මගින්ද
මෙම උපකරණ ලැයිස්තුව එහි මුද්‍රිත පරිපථ පුවරුව සමගම ලබා ගත හැකිය. එසේ
මුද්‍රිත පරිපථ පුවරුවක් ලබා ගත නොහැකි නම් වෙරෝ බෝඩ් යනුවෙන් හැදින්වෙන
පරිපථ එකලස් කිරීම සදහාම විශෙෂයෙන් සකසා ඇති බෝඩ් වර්ගයෙන් අගල් 4 X 6 පමණ
ප්‍රමාණයේ බෝඩ් කැබල්ලක්ද සපයා ගන්න.
ඉහතින් දක්වා ඇත්තේ මෙම පරිපථය සදහා භාවිතා කර
ඇති උපාංගයන්හි සැබෑ ස්වරූපය සහ ඒවාට අදාල වන සංකේතයන් වන අතර උපාංග එකලස්
කර ගැනීමේදී අදාල උපාංගවල අග්‍ර හරියාකාරයෙන් හදුනාගැනීම ඉතා වැදගත් වේ.
මන්දයත් අග්‍ර මාරු කර උපකරණ එකලස් කරගතහොත් අදාල උපාංගය මෙන්ම අනිකුත්
උපාංගයන්ද පිලිස්සී යාමේ අවදානමක් ඇති හෙයිනි.
පරිපථය
මුද්‍රිත පුවරුවක් තුල එකලස් කරගත් පසු දිස්වන ආකාරය ඉහත රූපසටහනින්
නිරූපනය වේ. නමුත් පරිපථය එකලස් කිරීම සදහා මුද්‍රිත පුවරුවක් අත්‍යවශ්‍ය
නොවේ. ඒ සදහා ඝනකමින් යුත් කාඩ්බෝඩ් කැබැල්ලක් වුවද සෑහේ.
උපකරණ එකලස් කිරීම සදහා ඝනකම් කාඩ්බෝඩ් කැබැල්ලක්
භාවිතා කරන්නේ නම් උපාංග රැදවීම සදහා ඉහත පරිදි සිදුරු කර ගැනීමෙන් පරිපථය
ක්‍රමවත්ම නිර්මාණය කිරීම වඩාත් පහසු වේ. ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්රයට ඔබ
ආධුනිකයකු නම් මෙම පරිපථය එකලස් කිරීමේදී ඔබට පැණනගින ගැටලු සහගත තත්වයන්
මා වෙත ඉදිරිපත් කරන්න. තවද මේ සම්බන්ධව පැණ නගින ගැටලු මාගේ ඊ-මේල් ලිපිණය
වෙත යොමු නොකරන මෙන්ද ඉල්ලා සිටින අතරම මෙම බ්ලොග් අඩවිය ගැන අදහස් යොමු
කළ සැමටද මාගේ ස්තුතිය පිරිනමනු කැමෙත්තෙමි. එසේම මෙම පරිපථය තුළදී සිදුවන
ක්‍රියාවලිය ගැන ඉදිරියේදී සාකච්චාකිරීමට බලපොරොත්තු වෙමි.
ME sambandawa mama wedi dura igena geneemata kematy mata upades laba denna plz
ReplyDelete