Social Icons

Sunday, August 4, 2013

සර්කිට් එකකින් ඉලෙක්ට්‍රොනික් උපාංග ඉවත් කරන්නට සහාය වන De soldering පොම්පය ගැනයි මේ සටහන...


 මම කලින් ලිපියකින් කියලා දුන්නනේ පරිපථයක් හරියාකාරව පාස්සා ගන්නා ආකාරය ගැන. ඊයම් දාලා කොච්චර හොදට පාස්සා ගත්තත් ඉතිං බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැත්නම් අදාල උපාංගය පරිපථයෙන් ඉවත් කරලා දාන්න වෙනවනේ.පිලිස්සුණ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් පරිපථයක තියෙන තාක් කල් ඒ පරිපථය හරියට ක්‍රියාකරන්නේ නැහැ. සමහර විට කොහොමටවත් ක්‍රියාත්මක වෙන්නේ නැතිව යනවා. ඉතින් අද මම කියන්න යන්නේ එහෙම දෝෂ සහිත උපාංගයක් පරිපථයකින් ඉවත් කර ගැනීමට භාවිතා කරන උපකරණයක් ගැනයි.
De soldering Pump
 ඊයම් ඉවත් කිරීම සදහා ඉහත රූප සටහනේ දක්වා ඇති De soldering Pump යනුවෙන් හැදින්වෙන මේ උපකරණය අවශ්‍ය වන්නේ.සාමන්‍ය භාවිතාවේදී Sucker යන නමිනුත් මෙය හැදින්වෙනවා. ඉහතින් පෙනෙන රූපයේ a. b. c. යනුවෙන් ස්ථාන 03ක් සදහන් වෙනවා. මෙහි a. යනුවෙන් හැදින්වෙන කොටස b. දක්වා පහලට ගෙන ආ හැකි කුඩා ලීවරයක්. එසේම  b. සිට c. දක්වා ඇත්තේ කුඩා වායු පොම්පයක්. a. ලීවරය පහළට ගෙනගිය පසු ඉබේම ලොක් වීමක් සිදුවනවා. b. ස්ථානයේ ඇති කුඩා බට්න් එක press කිරීමෙන් වෙන්නේ වායු පොම්පය තුළ තිබෙන ස්ප්‍රිං එක ආධාරයෙන් a. ලීවරය වැරෙන් නැවත තිබූ ස්ථානයටම ගමන් කිරීම. මෙහිදී වායූ පොම්පය තුළට වායුව ක්ෂණිකව ඇද ගැනීමක් වෙන්නේ වායූ පොම්පය තුළ ස්ථාපිතව ඇති රබර් වෑල්ව් එක නිසයි. අපට මෙම De soldering Pump එක අවශ්‍ය වන්නේ බවුත් එක ආධාරයෙන් ද්‍රවයක් බවට පත්කරගත් ඊයම් සර්කිට් එකෙන් ඉවත් කර ගැනීමයි. මෙම උපකරණයත් රු. 100ක් වැනි සුලු මුදලකට වෙළදපලෙන් ලබා ගත හැකියි. මේ උපකරණය භාවිතයෙන් පරිපථයකින් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ඉවත් කරගන්නා ආකාරය ගැන රූප සටහන් සහිතව මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න...

No comments:

Post a Comment