Social Icons

Sunday, August 4, 2013

Polyester කැපෑසිටර් හදුනාගන්නේ මෙන්න මෙහෙමයි!!


සමහර අයට Non Electrolytic කැපෑසිටර්ස් හදුනාගන්න අපහසු වුනු බව, කමෙන්ට් බල බලා ඉන්න කොටයි දැක්කේ. ප්‍රතිපත්තියක් විදියට මේ බ්ලොග් එකේ පරිපථයක් ඉදිරිපත් කලා නම් ඒ දේ කලේ අවශ්‍ය කරන සියළුම උපාංග සම්බන්ධව විස්තරාත්මකව හැදින්වීමක් කිරීමෙන් අනරුතුවයි. කෙසේ වෙතත් ප්‍රධාන විදුලියෙන් එල්.ඊ.ඩී දල්වන පරිපථවල තිබෙන Polyester කැපෑසිටර් හදුනාගන්න ක්‍රම වේදයගැන ගැන සාකච්චා කිරීම මග හැරී ගොසින්.

කැපෑසිටර් සම්බන්ධව සාකච්චා කළ ලිපියේදී මා ඔබට පැවසුවා ධන රින වශයෙන් අග්‍ර නම් කෙරෙන  (Electrolytic) සහ එසේ ධන රිණ වශයෙන් අග්‍ර වෙන් නොකෙරෙන (Non Electrolytic) කැපෑසිටර් වර්ග භාවිතයේ තිබෙන බව. මෙයින් Electrolytic කැපෑසිටර් වල නම් අනිවාර්යෙන්ම එයට අදාල ෆැරඩ් ප්‍රමාණය සහ වෝල්ටීයතාවය අදාල උපාංගය මතම මුද්‍රණය කර තිබෙනවා. එසේම පාද හදුනාගැනීමත් ඉතාමත්ම පහසු වන්නේ රිණ අග්‍රය (-) සංකේතය මගින් කැපෑසිටරයේ බදෙහි සළකුණු කර තිබෙන බැවින්. Non Electrolytic කැපෑසිටර් වල ධන රිණ බේදයක් නොමැති නිසා අග්‍ර හදුනාගැනීමේ ගැටළුවක් පැණ නොනැනගුනත්, ෆැරඩ් අගයන් හදුනා ගන්න වෙන්නේ නම් ඊට අදාල පහසු ක්‍රමවේදයක් මගින්.

Polyester කැපෑසිටර් වල 105, 104, 224 ආදී වශයෙන් ඉලක්කම් 03කින් සමන්විත අංකයක් මුද්‍රණය කර තිබෙන අතර මෙයින් මෙයින් මුල් අංක දෙකේ අගයන් එලෙසින්ම ගත යුතු අතර අවසාන අංකයට සමාන බින්දු ප්‍රමාණයක් ගණනය කළ යුතු වනවා. උදාහරණයක් ලෙස 334 යන අංකය ගතහොත් එය 330000 ලෙස පරිවර්ථනය කරගත යුතුයි. මෙසේ පරිපර්ථනය කරගත් පසු ලැබෙන අගය අදාල කැපෑසිටරයේ පිකෝ ෆැරඩ් (pF) අගයයි. මෙය නැනෝ ෆැරඩ් (nF) බවට පරිවර්ථනය කර ගැනීමට නම් 1000න් බෙදා ගත යුතු අතර මයික්‍රෝ ෆැරඩ් (uF) බවට පරිවර්ථනය කර ගැනීමට නම් 1000000න් බෙදා ගත යුතු වනවා. එනම් 334 යන්නෙහි අගය මයික්‍රෝ ෆැරඩ් .33 (.33uF) බව ඔබට වැටහෙනවා නේද?

පිකෝ ෆැරඩ් 1000 ක්  නැනෝ ෆැරඩ් 1 කි (1000pf = 1nF)
නැනෝ ෆැරඩ් 1000 ක් මයික්‍රෝ ෆැරඩ් 1 කි (1000nF = 1uF)

එලෙසම කැපෑසිටරයේ අංක 3ට ආසන්නයෙන්ම ඉංග්‍රීසි අන්ෂරයක්ද මුද්‍රණය කර තිබෙන බව ඔබට පෙනී යනවා ඇති. කැපෑසිතරයට අදාල ෆැරඩ් ගණන වෙනස් විය හැකි ප්‍රතිශතය මෙම ඉංග්‍රීසි අක්ෂරය මගින් ලබාගත හැකියි.
 


 උදාහරණයක් ලෙස කැපෑසිටරයේ මුද්‍රණය වී ඇත්තේ 334J ලෙස නම් එහි අගය මයික්‍රෝ ෆැරඩ් .33ක් වන අතරම භාවිතා කිරීමේදී ෆැරඩ් අගය වෙනස් විය හැකි ප්‍රතිශතය 5%කි. මෙහි 400V යනුවෙන් සදහන් කර ඇත්තේ මෙයට දරා ගත හැකි උපරිම වෝල්ටීයතාවයයි. වර්ණක තීරුවක් පමණක් මුද්‍රණය කර ඇති Polyester කැපෑසිටරයන්හි අගය මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉදිරි ලිපියක් මගින් සාකච්චා කරමු.

No comments:

Post a Comment