ඇත්තටම
කරන්ට් එක වැදෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියල කවුරු හරි ඇහුවොත්
ගෘහස්ථ විදුලිය බෙදාහරින වයරක් වැරදීමකින් ශරීරය හා ස්පර්ෂ වූ අවස්ථාවක්
ඔබේ සිහියට නැගේවි. ගෘහස්ථ විදුලියේ අඩංගු වෙන්නේ ඇම්පියර් 15ක් හෝ
ඇම්පියර් 5ක් සහ වෝල්ට් 230ක්. කරන්ට් එක හෙවත් ධාරාව මනින ඒකක වන්නේ
ඇම්පියර් නේ. එහෙනම් මේ කරන්ට් එක වැදෙනවා කියලා කියන්නේ ඇම්පියර් 5ක් හෝ
15ක් ශරීරය හා ස්පර්ෂ වීමද? මේ ගැන ඉදිරියේදී සවිස්තරාත්මකව සාකච්චා කරන
බවට පොරොන්දු වෙමින්ම අද මම සාකච්චාවට භාජනය කරන්නේ ඇම්පියර් ප්‍රමාණය
මැනගැනීමට භාවිතා කරන ඇමීටරය භාවිතා කරන ආකාරය සම්බන්ධවයි. මල්ටිමීටරයක්
ආධාරයෙන් ඕම්ස් අගයක් සහ වෝල්ට් අගයක් මැන ගන්නා ආකාරය සම්බන්ධයෙන් පසුගිය
ලිපි මගින් සාකච්චා කළ බව ඔබට මතක ඇති.බහුකාර්යය මෙවලමක් වන මල්ටිමීටරයේ
සිලෙක්ටරය සහ දර්ශක කොටස භාවිතා කරන ආකාරය සම්බන්ධයෙනුත් යම් වැටහීමක් මෙම
ලිපි පෙළ කියවූ ආධුනිකයකු සතුව ඇතැයි මා විශ්වාශ කරනවා.
ධාරාවේ අගය ලබාගැනීමේදී ඇනලොග් සහ ඩිගිටල් මල්ටිමීටරයන් භාවිතාකළ හැකි වන්නේ යම් යම් සීමාවන් සහිතවයි. බොහෝවිට සාමන්‍යයෙන් භාවිතාවන ඇනලොග් මල්ටිමීටරයකින් මැනගත හැකිවනුයේ ඩී.සී. මිලිඇම්පියර් 250ක් දක්වා පමණි. එනමුත් ඩී.සී. ඇම්පියර් 10ක් වනතෙක් භාවිතා කළ හැකි ඇනලොග් මල්ටිමීටරයන්ද දක්නට ලැබෙනවා. ඒ.සී. ධාරවක් මැනගැනීමට හැකි ඇනලොග් මල්ටිමීටරයන් බහුලව දක්නට නොලැබෙන නමුත් ඩිගිටල් මල්ටිමීටරයක් භාවිතාවෙන් ඒ.සී. සහ ඩී.සී ධාරාවන් මැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඉහත සහ පහතින් ඇති රූපසටහන් දෙකෙහිම කොළ පැහැති කවයන් මගින් සළකුණු කර තිබෙන්න ඇම්පියර් අගයක් මැන ගැනීමේදී සිලෙක්ටරය යොමු කළ හැකි පරාසයන් වන අතර මෙහි ඉහළ රූපය මගින් දැක්වෙන ඩිගිටල් මල්ටිමීටරය මගින් ඩී.සී. ඇම්පියර් 10ක් දක්වාද පහතින් දක්වා ඇති ඇනලොග් මල්ටිමීටරය මගින් ඩී.සී. මිලි ඇම්පියර් 250ක් දක්වාද මැන ගැනීමටද හැකියාව ඇත. සිලෙක්ටරය 10 (Ampere/DC) ස්ථානයට යොමු කොට ඇම්පියර් 10ක් දක්වා මැන ගැනීමේදී මල්ටිමීටරයේ අග්‍රය ඒ සදහාම විශේෂයෙන් පිහිටුවා ඇති 10A යනුවෙන් සදහන් සොකටයට සවි කිරීමද කළ යුතුවේ. ඇනලොග් හෝ ඩිගිටල් යන කුමන වර්ගයේ මල්ටිමීටරයකින් වුවද යම් පරිපථයක් ලබාගන්නා ධාරාවේ අගය මැන ගැනීමට ලක්කිරීමේදී අදාල පරිපථයට විදුලිය සැපයෙන මාර්ගය විවෘත (Open Circuit) කළයුතු නමුත් මෙම කටයුත්ත සදහාම විෂේශයේන් නිපදවා ඇති Clamp Meter යන උපකරණය භාවිතා කිරීමේදී එසේ පරිපථයට විදුලිය සපයන මාර්ගය විවෘත (Open Circuit) කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඉදිරියේදී අදාල උපකරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන අතර මිලිඇම්පියර් 250 ක දක්වා සරල ධාරාවක් (DC) පරීක්ෂා කළ හැකි ඇනලොග් මල්ටිමීටරයක් භාවිතයෙන් පරිපථයක් ලබා ගන්නා ඇම්පියර් ප්‍රමාණය මැන ගන්නා ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.
මෙහිදීද මල්ටිමීටරයේ රතු පැහැති අග්‍රය මල්ටිමීටරයේ + යනුවෙන් සදහන් කර ඇති රතුපැහැයෙන් වර්ණ ගන්වා ඇති සොකටයටත් කලු පැහැති අග්‍රය - යනුවෙන් සදහන් සොකටයටත් සම්බන්ධ කළ යුතුවේ. අනතුරුව පරීක්ෂාවට භාජනය වන සජීවී පරිපථයට ධන විදුලිය සපයන අග්‍රය විවෘත කොට විදුලි සැපයුම් අන්තයේ වයරය මල්ටිමීටරයේ රතු අග්‍රයටත් පරිපථයට විදුලිය සැපයෙන් අන්තයේ වයරය මල්ටිමීටරයේ කලු පැහැති අග්‍රයටත් සම්බන්ධ කිරීම කළ යුතුය. මෙහිදී මා යොදා ගන්නේ මා මීට පෙර ලිපියක් මගින් සාකච්චා කළ එල්.ඊ.ඩී යුගලයක් සහිත පරිපථයයි.
ඉහත රූපසටහන මගින් වෝල්ට්මීටරයේ ඇමීටරය පරිපථය හා වියළිකෝෂ 02කින් සමන්විත බලසැපයුම අතරට යොමු කර ඇති ආකාරය පෙන්නුම් කරන අතර පහත රූපසටහන මගින් නිරූපණය කෙරෙන්නේද ඉහත පරිපථය මගින් පෙන්නුම් කෙරෙන උපාංග සන්ධි වන ආකාරයේ සජීවී රූපරාමුවකි.
වෝල්ට් අගයන්ට අදාලව පාඨාංක ලබාගන්නා දර්ශක තීරුව භාවිතා කිරීම මගින් ඇම්පියර් අගයන්ට අදාල පාඨාංක ලබා ගැනීමද කළ හැකි අතර මෙහිදීද සිලෙක්ටරය යොමුකර ඇති ස්ථානයට සාපෙක්ෂව අදාල අගයන් නිර්ණය කරගත යුතුවේ. මෙහිදී සිලෙක්ටරය යොමුකර තිබෙන්නේ මිලි ඇම්පියර් 250ට අදාල ස්ථානයට බැවින් පාඨාංක කියවනයේ ඇති 0 සිට 250 දක්වා අගයන්ට අදාල පාඨාංක තීරුවේ අගයන් එලෙසම භාවිතා කළහැකිය. එසෙම ඔබ සිලෙක්ටරය මි.ඇ.25 සහ මි.ඇ.2.5 යන ස්ථානයන්ට යොමුකලේ නම් පාඨාංක කියවනේ 0 සිට 250 දක්වා අගයන් ඇති තීරුවෙ පාඨාංක දර්ශකය (Needle) දක්වන අගයන් 10න් සහ 100න් බෙදීම මගින් නිර්ණය කරගත හැකිය.මෙහිදී අදාල පරිපථය ක්‍රියාත්මක වීමේදී මිලිඇම්පියර් 25කට ආසන්න ප්‍රමාණයක ධාරාවක් ලබාගන්නා බව ඉහත රූපසටහන් මගින් හදුනාගත හැකිය.
මල්ටිමීටරයක්
භාවිතාවෙන් ඩයෝඩ, කැපෑසිටර් සහ ට්‍රාන්සිස්ටර් වැනි ඉලෙක්ටොනික් උපාංග
පරීක්ෂාකරන අයුරු ඉදිරියේදී විමසා බලමු.මේ වන විට මෙම බ්ලොග් අඩවිය මගින්
ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්‍රයට සම්බන්ධව ලිපි 35කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට
පත්කර ඇති අතරම ඉන් සමහර ලිපි වෙනත් වෙබ් අඩවි ඔස්සේද ප්‍රකාශයට පත්ව ඇති
බවද පෙනී ගිය කරුණකි. ඒ සම්බන්ධයෙන් මාගේ කිසිදු විරෝධයක් නොමැති නමුත් පැය
කිහිපයක් වෙහෙස මහන්සි වී එලිදක්වන ලිපියක් වෙනත් අඩවියක පළ කිරීමේදී අවම
වශයෙන් අදාල බ්ලොග් අඩවියේ නම හෝ සදහන්කිරීමට කාරුණික වන මෙන්ද ඉල්ලා
සිටිමි. එලෙසම මෙම ලිපි වල යම් කිසි නිවැරදිවිය යුතු කරුණක් ඇතොත් කමෙන්ට්
මගින් පෙන්වා දීම මෙය පරිශීලනය කරන්නන්ට මහත් රුකුලක් වන බැව්ද අවධාරණය
කරමි. කමෙන්ට් මගින් සහ ඊ.මේල් මගින් මෙම අඩවිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ
කරන සියල්ලන්ටම මාගේ කෘතවේදී ස්තුතිය නිරන්තරයෙන්ම පුදකර සිටිමි.ධාරාවේ අගය ලබාගැනීමේදී ඇනලොග් සහ ඩිගිටල් මල්ටිමීටරයන් භාවිතාකළ හැකි වන්නේ යම් යම් සීමාවන් සහිතවයි. බොහෝවිට සාමන්‍යයෙන් භාවිතාවන ඇනලොග් මල්ටිමීටරයකින් මැනගත හැකිවනුයේ ඩී.සී. මිලිඇම්පියර් 250ක් දක්වා පමණි. එනමුත් ඩී.සී. ඇම්පියර් 10ක් වනතෙක් භාවිතා කළ හැකි ඇනලොග් මල්ටිමීටරයන්ද දක්නට ලැබෙනවා. ඒ.සී. ධාරවක් මැනගැනීමට හැකි ඇනලොග් මල්ටිමීටරයන් බහුලව දක්නට නොලැබෙන නමුත් ඩිගිටල් මල්ටිමීටරයක් භාවිතාවෙන් ඒ.සී. සහ ඩී.සී ධාරාවන් මැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඉහත සහ පහතින් ඇති රූපසටහන් දෙකෙහිම කොළ පැහැති කවයන් මගින් සළකුණු කර තිබෙන්න ඇම්පියර් අගයක් මැන ගැනීමේදී සිලෙක්ටරය යොමු කළ හැකි පරාසයන් වන අතර මෙහි ඉහළ රූපය මගින් දැක්වෙන ඩිගිටල් මල්ටිමීටරය මගින් ඩී.සී. ඇම්පියර් 10ක් දක්වාද පහතින් දක්වා ඇති ඇනලොග් මල්ටිමීටරය මගින් ඩී.සී. මිලි ඇම්පියර් 250ක් දක්වාද මැන ගැනීමටද හැකියාව ඇත. සිලෙක්ටරය 10 (Ampere/DC) ස්ථානයට යොමු කොට ඇම්පියර් 10ක් දක්වා මැන ගැනීමේදී මල්ටිමීටරයේ අග්‍රය ඒ සදහාම විශේෂයෙන් පිහිටුවා ඇති 10A යනුවෙන් සදහන් සොකටයට සවි කිරීමද කළ යුතුවේ. ඇනලොග් හෝ ඩිගිටල් යන කුමන වර්ගයේ මල්ටිමීටරයකින් වුවද යම් පරිපථයක් ලබාගන්නා ධාරාවේ අගය මැන ගැනීමට ලක්කිරීමේදී අදාල පරිපථයට විදුලිය සැපයෙන මාර්ගය විවෘත (Open Circuit) කළයුතු නමුත් මෙම කටයුත්ත සදහාම විෂේශයේන් නිපදවා ඇති Clamp Meter යන උපකරණය භාවිතා කිරීමේදී එසේ පරිපථයට විදුලිය සපයන මාර්ගය විවෘත (Open Circuit) කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඉදිරියේදී අදාල උපකරණය සම්බන්ධයෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන අතර මිලිඇම්පියර් 250 ක දක්වා සරල ධාරාවක් (DC) පරීක්ෂා කළ හැකි ඇනලොග් මල්ටිමීටරයක් භාවිතයෙන් පරිපථයක් ලබා ගන්නා ඇම්පියර් ප්‍රමාණය මැන ගන්නා ආකාරය මෙම ලිපියෙන් විමසා බලමු.
මෙහිදීද මල්ටිමීටරයේ රතු පැහැති අග්‍රය මල්ටිමීටරයේ + යනුවෙන් සදහන් කර ඇති රතුපැහැයෙන් වර්ණ ගන්වා ඇති සොකටයටත් කලු පැහැති අග්‍රය - යනුවෙන් සදහන් සොකටයටත් සම්බන්ධ කළ යුතුවේ. අනතුරුව පරීක්ෂාවට භාජනය වන සජීවී පරිපථයට ධන විදුලිය සපයන අග්‍රය විවෘත කොට විදුලි සැපයුම් අන්තයේ වයරය මල්ටිමීටරයේ රතු අග්‍රයටත් පරිපථයට විදුලිය සැපයෙන් අන්තයේ වයරය මල්ටිමීටරයේ කලු පැහැති අග්‍රයටත් සම්බන්ධ කිරීම කළ යුතුය. මෙහිදී මා යොදා ගන්නේ මා මීට පෙර ලිපියක් මගින් සාකච්චා කළ එල්.ඊ.ඩී යුගලයක් සහිත පරිපථයයි.
ඉහත රූපසටහන මගින් වෝල්ට්මීටරයේ ඇමීටරය පරිපථය හා වියළිකෝෂ 02කින් සමන්විත බලසැපයුම අතරට යොමු කර ඇති ආකාරය පෙන්නුම් කරන අතර පහත රූපසටහන මගින් නිරූපණය කෙරෙන්නේද ඉහත පරිපථය මගින් පෙන්නුම් කෙරෙන උපාංග සන්ධි වන ආකාරයේ සජීවී රූපරාමුවකි.
වෝල්ට් අගයන්ට අදාලව පාඨාංක ලබාගන්නා දර්ශක තීරුව භාවිතා කිරීම මගින් ඇම්පියර් අගයන්ට අදාල පාඨාංක ලබා ගැනීමද කළ හැකි අතර මෙහිදීද සිලෙක්ටරය යොමුකර ඇති ස්ථානයට සාපෙක්ෂව අදාල අගයන් නිර්ණය කරගත යුතුවේ. මෙහිදී සිලෙක්ටරය යොමුකර තිබෙන්නේ මිලි ඇම්පියර් 250ට අදාල ස්ථානයට බැවින් පාඨාංක කියවනයේ ඇති 0 සිට 250 දක්වා අගයන්ට අදාල පාඨාංක තීරුවේ අගයන් එලෙසම භාවිතා කළහැකිය. එසෙම ඔබ සිලෙක්ටරය මි.ඇ.25 සහ මි.ඇ.2.5 යන ස්ථානයන්ට යොමුකලේ නම් පාඨාංක කියවනේ 0 සිට 250 දක්වා අගයන් ඇති තීරුවෙ පාඨාංක දර්ශකය (Needle) දක්වන අගයන් 10න් සහ 100න් බෙදීම මගින් නිර්ණය කරගත හැකිය.මෙහිදී අදාල පරිපථය ක්‍රියාත්මක වීමේදී මිලිඇම්පියර් 25කට ආසන්න ප්‍රමාණයක ධාරාවක් ලබාගන්නා බව ඉහත රූපසටහන් මගින් හදුනාගත හැකිය.
No comments:
Post a Comment