නම නම් ටිකක් අමුතුයි වගේ නේද?
රණවිරුවන් යුද්දේ සහමුලින්ම ඉවර කරපු එකේ ආයිත් මොන ඔපරේෂන් එකක්ද මේ? බය
වෙන්න එපා මම මේ විස්තර කරන්න යන්නේ මීට කලින් ඉදිරිපත් කළ ලිපියකින්
හදුන්වා දුන් එල්.ඊ.ඩී දෙකක් මාරුවෙන් මාරුවට දැල්වෙන පරිපථයේ සිදුවන
ක්‍රියාවලිය ගැනයි. මේ පරිපථය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ බව කිවයුතුයි.
ඇත්තෙන්ම මේ පරිපථයෙන් ඉටු වන්නේ ඉතා සුලු කාර්යයක් වුවත් ඉලෙක්ට්‍රොනික්
ක්ෂේත්‍රයට පා තබන්නෙකුට මෙමගින් ඉගෙනගත හැකි දෑ බොහෝමයි. මෙම පරිපථය
මුලින්ම නිමවූයේ වෑල්ව් උපයෝගී කරගෙන වන අතර එහිදී මෙම පරිපථයේ මෙන්
කැපෑසිටර් යොදා ගැනුනේ නැහැ. ඉතින් ඔබ මීට කලින් මෙම පරිපථය අත් හදා බලා
නැත්නම් මා නැවතත් ඔබට ආරධනා කර සිටිනවා විනෝදයට මෙන් මේ පරිපථය
ප්‍රායෝගිකව එක ලස් කර බලන මෙන්. මා දැන් සාකච්චා කිරීමට බලපොරොත්තු වන්නේ
ඉහත ලිපියෙන් මා විස්තර කළ පරිපථය ක්‍රියාත්මක වීමේදී සිදු වන ක්‍රියාවලිය
කුමක්ද යන කාරණය සම්බන්ධවයි.
එම පරිපථයේ ට්‍රාන්සිස්ටර් දෙකක්,
රෙසිස්ටර් දෙකක්, කැපෑසිටර් දෙකක් සහ එල්.ඊ.ඩී දෙකක් දක්නට ලැබුණු බව ඔබට
මතක ඇති. සරලව ගතහොත්, ට්‍රාන්සිස්ටරයක් සංඤා වර්ධකයක් හෝ ඉලෙක්ට්‍රොනික්
ස්ව්චයක් ලෙසත්, කැපෑසිටරයකට තාවකාලිකව විදුලිය ගබඩා කරගත හැකි බවත්,
රෙසිස්ටරයක් මගින් ධාරව හීන කරන බවත් මේ වනවිට අප දැනුවත් වී අවසන්.මෙම
පරිපථයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව දිය හැකි සරලම උදාහරණය නම් කුඩා කළ අප
විනෝද වූ සීසෝවයි. එක් අයක් පහලට වෙර යොදන විට අනෙකා නිතැතින්ම ඉහලට එසෙවන
බවත් පහලට වෙර යොදන්නාගේ ආයාසය ක්ෂය වන විට ඔහුව ඉහලට එසවෙන ලෙසත් සීසෝව
සකසා තිබෙන්නේ. මෙම පරිපථය ගත් කළද මෙහි සමාන යුගල 02ක් තිබෙන බව දැනටමත්
අප දන්නවා. 10K රෙසිස්ටරයත්, 100uF කැපෑසිටරයත්, BC547B ට්‍රාන්සිස්ටරයත්
එහි කලෙක්ටරයට ඈදා තිබෙන එල්.ඊ.ඩී යත් එක් යුගලයක් ලෙස ගත හැකියි.
ට්‍රාන්සිස්ටර්
දෙකේම එමීටර් අග්‍රයන් රිණ විදුලියට සම්බන්ධව ඇති අතර කලෙක්ටර් අග්‍රයන්
සම්බන්ධව ඇත්තේ එල්.ඊ.ඩී. වල රිණ අග්‍රයන්ටයි. එලෙසම පරිපථයේ ධන විදුලියට
සම්බන්ධිත රෙසිස්ටර් දෙක වෙන් වෙන්ව පරිපථයේ ඇති වර්ගයේ කැපෑසිටර් වලට
සම්බන්ධ වී තිබෙනවා. මෙම පරිපථයට විදුලිය ලද වහාම අදාල රෙසිස්ටර් දෙක හරහා
ලැබෙන හීන වූ ධාරාව හේතුවෙන් ඒවාට සම්බන්ධිත Electrolytic Capacitor
ආරෝපණයක් වීම සිදුවනවා. (X) මෙම ආරෝපනය හේතුවෙන් මෙයින් එක් Electrolytic
Capacitor යක් (C2) එහි උච්ච ආරෝපණ මට්ටම දක්වා පැමිණෙන අතර එහිදී එම
කැපෑසිටරය එහි අනෙක් අග්‍රයට සම්බන්ධව ඇති ට්‍රාන්සිස්ටරයේ (Q1) බේසය වෙත
0.8v පමණ වන වෝල්ටීයතාවයක් නිකුත් කරනවා. එසේ ධාරාවක් ලැබීම හේතුවෙන් එම
ට්‍රාන්සිස්ටරය ස්ව්චයක් මෙන් ක්‍රියාත්මක වී එහි එමිටරයට ලැබී ඇති රිණ
විදුලියත් කලෙක්ටරයට සම්බන්ධවී ඇති එල්.ඊ.ඩීයේ ධණ අග්‍රයට ධන විදුලිය
නිරන්තරයෙන් ලැබී තිබීම හේතුවෙන් එම යුගලයට අදාල පරිපථය සම්බන්ධ වනවා.
මෙහිදී එම එල්.ඊ.ඩීය (D1) සුලු මොහොතකට දැල්වී තිබෙනවා.
Q1 වෙත 0.8v ලැබී ඇති විට |
නමුත් සැනෙකින් නිවී යනවා. මන්ද
එයට අදාල ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රයට විදුලිය සපයන Electrolytic
Capacitor එක (C2) ක්‍රම ක්‍රමයෙන් විසර්ජනය වීම හෙතුවෙන්. නමුත් මෙහිදී
මෙම ට්‍රාන්සිස්ටරයේ (Q1) කලෙක්ටර් අග්‍රයෙන් විදුලිය සපයන තාක් කල් එයට
සම්බන්ධිත කැපෑසිටරය (C1) ආරෝපනය වන අතරම මෙතෙක් මා විස්තර කල ක්‍රියාවලිය
(X සිට) අනෙක් යුගලයේ සිදු වීමට පටන් ගන්නවා.
Q2 වෙත 0.8v ලැබී ඇති විට |
මෙම ක්‍රියාවලිය විදුලිය ලබා දී
තිබෙන තාක් කල් නොකඩවා සිදු වන අතර එහිදී මාරුවෙන් මාරුවට එල්.ඊ.ඩී දෙක
දැල්වීම සිදුවනවා. තවද මෙම පරිපථයට භාවිතා කරන කැපෑසිටර් වල සහ රෙසිස්ටර්
වල අගයන් වෙනස් කිරීම මගින් මේ ක්‍රියාවලිය වේගවත් හෝ මන්දගාමි කල හැකියි.
එසේම එල්.ඊ.ඩී යේ ධන අග්‍රය රෙසිස්ටරයක් හරහා පරිපථයට සම්බන්ධ කිරීම මගින්
එල්.ඊ.ඩීයට සැපයෙන ධාරාවද පලනය කළ හැකියි. එනම් රෙසිස්ටරයක් යෙදීම මගින්
වැය වන ධාරාව අඩු කල හැකි අතරම දීප්තියද අඩු වනවා. මෙම පරිපථය Astable
Muiltivibrator ලෙස හදුන්වනවා. මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් විකිපීඩියා වෙත පිවිසෙන්න.
No comments:
Post a Comment