මාතෘකාව දැක්ක ගමන් මොකද හිතෙන්නේ. කාගේ හරි දුරකථන
සංවාදයකට සවන් දෙන්න ඇත්නම් කියලද? අනවසරයෙන් අනුන්ගේ දුරකථන සංවාදවලට
සවන්දෙන්න යන්න නම් එපා. අද මම ඉදිරිපත් කරන්න යන පරිපථය බොහොමයක් වෙලාවට
ඔය අධ්‍යාපන ප්‍රදර්ශන වලදී එහෙම දකින්න පුලුවන් දෙයක්. රැහැන් සහිත දුරකථන
මාර්ගයක් ඔස්සේ සිදුවන සංවාදයක් මේ පරිපථය උපයෝගී කරගෙන එෆ්.එම්. රේඩියෝවක
නිශ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ ශ්‍රවණය කර ගන්න පුලුවන්.
මේ පරිපථයේ තිබෙන විශෙෂත්වය තමයි මෙම පරිපථය
ක්‍රියාකාරී වීම සදහා වෙනම විදුලිය සැපයුමක් ලබා නොදිය යුතු වීම. රැහැන්
දුරකථන වල තිබෙන විදුලි සැපයුමෙන්ම මෙම පරිපථයටත් විදුලිය ලබා දිය හැකියි.
මෙය ක්‍රියාකරන්නේ සරල එ.එම්. ට්‍රාන්ස්මීටරයක් ලෙස. සාමන්‍යයෙන් මීටර්.
100 පමණ දුරක සිට මෙම පරිපථය ඔස්සේ ලබා දෙන සංවාදයන්ට සවන් දිය හැකියි.
එමෙන්ම ට්රාන්ස්මීටරයන්හි පොදුවේ දක්නට ලැබෙන කන්ඩෙන්සර් මයික් එකක්ද මෙහි
දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි භාවිතා කරන ට්‍රාන්සිස්ටරය රු.3ක් වැනි මුදලකට
වෙළදපොලෙන් ලබා ගත හැකියි.
මෙහි ඒරියලය ලෙස (L2) සෙ.මී. 4-10 අතර වයර් කැබැල්ලක් යොදා ගතහැකි අතර කොයිලය (L1) ලෙස අර්ත් වයරක ඇති එක් කම්බි පොටක් බෝල්පොයින්ට් පෑනක ප්ලාස්ටික් බටය වටා වට 04 1/2 පමණ ඔතාගෙන සකසා ගන්න. IN 4004 ඩයෝඩ් 04ක් Bridge Rectifier ලෙස යොදා ගත හැකිය.
මෙහි ඒරියලය ලෙස (L2) සෙ.මී. 4-10 අතර වයර් කැබැල්ලක් යොදා ගතහැකි අතර කොයිලය (L1) ලෙස අර්ත් වයරක ඇති එක් කම්බි පොටක් බෝල්පොයින්ට් පෑනක ප්ලාස්ටික් බටය වටා වට 04 1/2 පමණ ඔතාගෙන සකසා ගන්න. IN 4004 ඩයෝඩ් 04ක් Bridge Rectifier ලෙස යොදා ගත හැකිය.
දුරකථන සංවාදයක් පැවතෙන අතරතුර මෙහි යොදා ඇති එල්.ඊ.ඩී බල්බය දැල්වෙන අතර එෆ්.එම්. තරංග 88-92 අතර සුසර කර මෙමගින් ලැබෙන සංවාද වලට සවන් දෙන්න. කොයිලය සීරු මාරු කිරීමේන් විකාශය වන සංඛයාතය වෙනස් කරගත හැකිය. මෙම පරිපථය වෙළද හෝ අධ්‍යාපනික ප්රදර්ශනයන්හීදී සජීවී දුරකථනය සංවාදයන් ඔස්සේ ක්‍රියාත්මක වන එම්.එම්. විකාශයක් ලෙසද යොදා ගත හැකිය.
No comments:
Post a Comment