Social Icons

Sunday, August 4, 2013

පරිපථයක වෝල්ටීයතා අගයන් මැන ගැනීමේදී පිලිපැදිය යුතු ආරක්ෂිත විධි විධාන..


ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේදී ඉතාමත් වැදගත් වන දෙයක් තමයි පරිපථයකට ලබාදෙන වගේම පරිපථය තුළ ගමන් කරන විදුලිය ප්‍රමාණය එහෙමත් නැත්නම් වෝල්ටීයතාවය නිශ්චය කර ගැනීම.ඉතින් මෙන්න මේ වෝල්ට් ප්‍රමාණය නිශ්චය කරගැනීමට අපට වෝල්ට් මීටරය භාවිතා කරන්න පුලුවන්. මේ සම්බන්ධව සාකච්චා කිරීමට ප්‍රථමයෙන් විදුලිය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් හැදින්වීමක් කිරීම යෝග්‍ය වේ යැයි මා විශ්වාස කරනවා. නිවාස, කාර්යාල වැනි ස්ථාන වල පාවිච්චි කරන ප්‍රධාන විදුලිය හෙවත් 230V සැපයුමක් මගින් මනුෂ්‍ය ශරීරයට මාරාන්තික හානි ගෙන දෙන බව අප කවුරුත් දන්නා කරුණක් හෙයින් ප්‍රධාන විදුලියට සම්බන්ධ ක්‍රියාකාරකම් වලදී ආරෂිත උපක්‍රම අනුගමනය කිරීමට පුරුදු වී තිබෙනවා.

Fluback Transformer ය කොළ පැහැයෙන් සළකුනු කොට ඇත.

රූපවාහිණි, මොනිටර් වැනි ඉලෙක්ට්‍රොනික් උපකරණ අභ්‍යන්තරයේ ඉතා ඉහළ වෝල්ටීයතාවයන් අදාල පරිපථය මගින්ම උත්පාදනය වන අවස්ථා දැකිය හැකියි. 12V විදුලියෙන් ක්‍රියා කරණ කලු-සුදු රූපවාහිණි යන්ත්‍රයක් අභ්‍යන්තරයේ ඇති Flyback ට්‍රාන්ස්ෆෝමරය මගින්  රූපවාහිණ ටියුබයට ලබාදෙන විදුලිය ප්‍රමාණය 12,000V හෝ ඊටත් වඩා වැඩි අගයක් වනවා. ඉතා අඩු ධාරා අගයක් සහ ඉතා ඉහළ වෝල්ට් ප්‍රමාණයකින් සමන්විත විවත් මෙම විදුලි ප්‍රමාණය ශරීරයට ඇතුල් වුවහොත් මරණය පවා සිදුවිය හැකියි.  එලෙසම මෙවැනි ස්ථානයක් වෝල්ට් මීටරයක් මගින් පරීක්ෂාවත ලක්කලහොත් අදාල උපකරණය විනාශ වීමද සිදු වනවා නොඅනුමානයි. නමුත් පරිපථ නිර්මාණය කිරීමේදී අදාල ප්‍රමිති තත්වයන් යටත්ව මෙවැනි ස්ථානයන් නිරාවරණය කර තබන්නේ නොමැති වුවත් එවැනි සංකීර්ණ පරිපථයන් විදුලි‍යට සම්බන්ධ කර පරීක්ෂා කිරීමේදී, අදාල Circuit Diagram එක අනුව පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය.එසේම රූපවාහිණි, ඩී.වී.ඩී මෙන්ම බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපකරණයන්හි වෝල්ටීයතා අගයන් දැක්වෙන පරිපථ සටහනක්ද ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙවැනි Circult Diagram සටහනක් පරිශීලනය කිරීම මගින් එක් එක් ස්ථානයන්ට අදාව පවතින විදුලි ප්‍රමාණයන් නිශ්චය කරගත හැකියි. ඉන් අනතුරුවයි ඔබ ප්‍රායොගිකව පරිපථය පරීක්ෂා කරමින් අදාල විදුලි ප්‍රමාණයන් ඒ ඒ ස්ථානයන්හි පවතිනවාද යන්න සොයා බැලිය යුත්තේ.
කැපෑසිටරයක අග්‍ර සන්නායකයක් මගින් සම්බන්ධ කලහොත්
එලෙසම ප්‍රධාන විදුලියන් ක්‍රියාකරන උපකරණයක් අක්‍රිය වී ඇති විටෙක එහි ඇති කැපෑසිටර්ස් ආරෝපනය වී තිබිය හැකි බවත් මතකයේ තබා ගන්න. කලින් ආරොපණය වූ විදුලිය මෙවැනි උපාංග වල ගබඩා වී තිබිය හැකි බැවින් අදාල කැපෑසිටරයන් Discharge කිරීම , 230V බල්බයක් අදාල කැපෑසිටරයේ අග්‍ර දෙකට සම්බන්ධ කිරීම මගින් කළ හැකියි.එසේම වැඩි වොට් ගණනකින් යුක්ත රෙසිස්ටරයක් කැපෑසිටරයේ අග්‍ර දෙකට සම්බන්ධ කිරීම මගින්ද කැපෑසිටරයක් කරගත හැකිය. සාමන්‍යයෙන් කිලෝඕම්ස් 2.2ක පමණ වොට් 5ත් 10ත් අතර රෙසිස්ටරයක් මේ සදහා යෝග්‍ය වේ.
රෙසිස්ටරයක් මගින් කැපෑසිටරයක් Discharge කිරීම

පරිපථ පුවරුව සන්නායක නොවන කාඩ්බෝඩ් හෝ ෆෝමිකා වැනි ද්‍රවයක් මත තබාගෙන පරීක්ෂාවන් සිදු කිරීමද  ඉතා වැදගත්ය. එලෙසම මාල, බේස්ලට් වැනි දෑ පැළද පරිපථයන් පරීක්ෂාකිරීමට යෑමෙන්ද වළකින්න. ඔබ නොදැනුවත්වම අදාල ආභරණයන් පරිපථ පුවරුව හෝ උපාංග මත ස්පර්ෂ වීම මගින් අනව්ශ්‍ය අනතුරු වලට මුහුණ පෑමටද සිදුවිය හැකිය. එලෙසම ඔබ විඩාවට පත්ව සිටින හෝ නිදිමත වැනි ශාරීරික අවශ්‍යතාවයන් ඇති විටෙක පරිපථ පරීක්ෂා කිරීමට යාමෙන් වළකින්න.මන්ද එවැනි අවස්ථාවකදී අත්වැරදීම් සිදුවීමට වැඩි ඉඩකඩක් තිබෙන හෙයිනි. එලෙසම හැකි සෑම විටෙකම තවත් අයකුද හවුල් කරගෙන විදුලිය ආශ්‍රිත පරීක්ෂාවන්හි නියලෙන්න. ඔබගේ අදහස් කමෙන්ට් එකක් ලෙස යොමු කරන මෙන් ඉල්ලා සිටින අතර වෝල්ට් මීටරය භාවිතාවෙන් පරිපථයක විදුලි අගයන් පරීක්ෂා කරන අන්දම මී ලග ලිපියෙන් විමසා බලමු.

No comments:

Post a Comment