Social Icons

Sunday, August 4, 2013

අදුර වැටෙද්දි 230V බල්බයක් ස්වයංක්‍රීයව දැල්වෙන පරිපථය..Dark activated 230V Bulb


ආලෝක සංවේදී ප්‍රතිරෝධක සම්බන්ධව විස්තර කල පළමු ලිපියේදී මා ඔබට පොරොන්දු වූවා එල්.ඩී.ආර් උපාංගයක් භාවිත කරමින් 230V බල්බයක් දල්වාගත හැකි පරිපථයක් ලබා දෙන බවට. පොරොන්දුවූ පරිද්ද්දෙන්ම අදාල පරිපථය සම්බන්ධවයි මෙම ලිපිය මගින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ හා සමාන පරිපථ සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ පරික්ෂා කිරීමේදී බොහෝ විට හමු වන්නේ 230V විදුලි සම්බන්ධ්තාවයට අමතරව එල්.ඩී.ආර් උපාංගය අයත් පරිපථ කොටසට විදුලිය ලබා දීම සදහා වෙනම බල සැපයුම් අව්ශ්‍ය වන පරිපථ නමුත් මෙම පරිපථය සදහා එවැනි අවශ්‍යතාවයක් මතු නොවන්නේ මේ සදහා කැපෑසිටර් ආශ්‍රයෙන් හීන කරන ලද බල සැපයුමක් යොදා ඇති නිසයි
රු. 75/= වැනි සුළු මුදලක් වැයකර ඉහත පරිපථයට අව්ශ්‍ය උපාංග ලබා ගත හැකි අතර පරිපථයේ දක්වා ඇති ආකාරයට නිවැරදිව පරිපථය ගොඩ නගාගැනීමෙන් අනතුරුව 230V විදුලිය හා වොට් 60ක සූත්‍රිකා බල්බයක් නියමිත ස්ථානයන්ට සම්බන්ධ කරගතයුතුය.

පවතින ආලෝක තත්වයක් යටතේ බල්බය දල්වා ගැනීම සදහා VR2 ලෙස සදහන් 10K විචල්‍ය ප්‍රතිරෝධකය ප්ලාස්ටික් වැස්මක් සහිත නියනක් ආධාරයෙන් සීරු මාරු කරගත යුතුවන අතර කිසිවිටෙකත් මෙම පරිපථය හෝ එහි උපාංග විදුලිය ලබා දී ඇති විටෙක දෑතින් හෝ ශරීරයට ස්පර්ශ නොවීමට වග බලා ගන්න. 230V මාරාන්තික විදුලිය මෙම පරිපථය තුළ ගමන් කරන බැවින් සුළු ආරක්ෂිත උප්ක්‍රමයක් ලෙස විදුලිය ලබා දීමේදී සජීවි වයරය (L) කැපෑසිටරය වෙත සම්බන්ධකරගන්න.
මෙම පරිපථයට අදාල සියළු උපාංග පිටකොටුවේ පළවන හරස් වීදියේ මයිකෝ ඉලෙක්ට්‍රොනික් ඉදිරිපිට ඇති වික්‍රම ප්ලාසා ගොඩනැගිල්ලේ පලවන මහලේ පිහිටි Sakana වෙළද සැල මගින් ලබා ගත හැකි අතර පරිපථය එකලස් කිරීම සදහා වෙරො බෝඩ් එකක් ද ලබා ගන්න. 

No comments:

Post a Comment