Social Icons

Sunday, August 4, 2013

අදුර වැටෙන විට ස්වයංක්‍රීයව දැල්වෙන බල්බයක්...


ආලෝකයට සංවේදීව ක්‍රියාත්මක වන එල්.ඩී.ආර් උපාංගය සම්බන්ධව පසුගිය සතියේ සාකච්චා කල බව ඔබට මතක ඇතැයි විශ්වාස කරන අතරම මෙම ලිපියෙන් මා ඉදිරිපත් කරන්නේ එල්.ඩී.ආර් උපාංගයක් යොදාගෙන සරල ප්‍රායෝගික පරිපථයක් ගොඩනගන ආකාරයයි.ආලෝක සංවේදී උපාංගයක මිළ රු.10ක් හෝ ඊට ආසන්න වන අතර විශාලත්වය අනුව මෙම උපාංගයේ මිළ රු.10/= සිට රු.50/=  දක්වා වෙනස් වන බවත් මතකයේ තබා ගන්න.

මෙම පරිපථයේදී භාවිතාකර ඇත්තේ PNP වර්ගයේ BC557 ට්‍රාන්සිස්ටරයක්(Q1), එල්.ඊ.ඩී යක්(D1), එල්.ඩී.ආර් උපාංගයක් (R1) සහ ප්‍රතිරෝධකයන් දෙකක් පමණයි(10K V/R, 470). නමුත් මෙම කුඩා පරිපථය මගින් එල්.ඩී. ආර් උපාංගයක ක්‍රියාකාරීත්වය ඉතා සරලවම හැදෑරිය හැකිවා සේම මේ සදහා ඔබට වැය වන්නේ රු. 25=ක් වැනි ඉතා සුළු මුදලක් පමණයි.
පරිපථයේ සැබෑ පෙනුම සහ PCB සටහන



ආලෝකය නොමැති විටදී මෙම පරිපථයේ ඇති එල්.ඊ.ඩී ය ඉතාමත් දීප්තිමත්ව දැල්වෙන අතර ආලෝකය ලද වහාම එහි දීප්තිය ක්‍රම ක්‍රමයෙන් හීන වී යාම සිදුවේ. VR1 ලෙස සදහන් වන අගය වෙනස් කළ හැකි 10K ප්‍රතිරෝධකයේ (Variable Resistor) අගය වෙනස් කිරීම මගින් කුමන ආලෝක තත්වයක් යටතේ එල්.ඊ.ඩීය දැල්විය යුතුද යන්න තීරණය කළ හැකිවේ.ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධක අගය අඩුවන විට එය හරහා ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය මතට ප්‍රකෘති වීමට (Base bias) අවශ්‍ය වන ධාරාව ලැබීමේදී එහි කලෙක්ටරය හා එමීටරය අතර ධාරව ගලා යාමට ඉඩ සැලසීම මගින් පරිපථයේ ඇති එල්.ඊ.ඩීය විමෝචනය වීම මෙහි සිදුවන සමස්ථ ක්‍රියාවලිය ලෙස සරලව හැදින්විය හැකිය. මෙම පරිපථය ප්‍රායෝගිකව අත් හදා ඇති අතර විනෝදාංශයක් ලෙස හෝ මෙවැනි සරල පරිපථ අත් හදා බලන ලෙසට මා ඔබට දන්වනු කැමැත්තෙමි. මෙයට අදාල වන සියළුම උපාංග මයිකෝ ඉලෙක්ට්‍රොනික් ඉදිරිපිට ඇති වික්‍රම් ප්ලාසා ගොඩනැගිල්ලෙහි (No. 39) පලවෙනි මහලේ ඇති වෙළදසැල් මගින් රු.25/= ක් වැනි සුළු මුදලකට ලබා ගත හැකියි. මෙම පරිපථයම සුළු වශයෙන් වෙනස් කරමින්  230V ප්‍රධාන විදුලියෙන් සාමාන්‍ය විදුලි බුබුලක් දල්වන ආකාරය සම්බන්ධව මීලග ලිපියෙන් විමසා බලමු.

No comments:

Post a Comment