Social Icons

Sunday, August 4, 2013

ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේදී නැතුවම බැරි අද්විතීය සහායකයා ....


ෂර්ලොක් හෝම්ස් කථා මාලාවේ හෝම්ස්ට සහය වන්න ඩොක්ටර් වොට්සන් ඉන්නවා,  නයිට් රයිඩර් කථා මාලාවේ, නයිට් රයිඩර් කාර් එකත් එක්කම ඉන්නේ, මයිකල් නයිට්, ඒ වගේ ඔය දොස්තර මහත්වරු ගාවත් තියෙනවා Stethoscope හෙවත් වෙදනළාව. අද මම කියන්න යන මේ උපකරණයත් ඉලෙක්ට්‍රොනික් හදාරන වගේම ඉලෙක්ට්‍රොනික් ක්ෂෙත්‍රයේ නිරත වන වැඩි පිරිසක් සමග දකින්න පුලුවන් වන දෙයක්. මල්ටි මීටරය , මල්ටි ටෙස්ටරය යන නම් වලින් හදුන්වන වෝල්ට් මීටරය, ඕම්ස් මීටරය හා ඇමීටරය යන මාපක යන්ත්‍ර තුනම අඩංගු වුන උපකරණය ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්න බලාපොරොත්තු වන්නේ.

මෙවැනි උපකරණයක් වර්ථමානයේදී නම් ඇනලොග් සහ ඩිජිටල් යන දෙවර්ගයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතිනවා. *ඒත් ඩිජිටල් වර්ගයේ උපකරණයක මිළ නම් ටිකක් ඉහළ අගයක පවතින්නේ. සාමන්‍ය වර්ගයේ ඇනලොග් මල්ටි මීටරයක් රු.1000/= කට අඩුවෙන් ලබා ගැනීමට හැකි වුනත් ඩිජිටල් මීටරයක් නම් අවම වශයෙන් රු.2500/=  ක් පමණවත් වනවා. නමුත් මා නම් බොහෝ අවස්ථාවලදී භාවිතා කරන්නේ ඇනලොග් වර්ගයේ උපාංගයන්. පාඨාංකයන්ගේ  නිරවද්‍ය තාවයේ වෙනසක් නොමැනි නිසා මින් කවර වර්ගයේ එකක් වුව පාවිච්චි කිරීමේ වෙනසක් මා නම් දකින්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී ඩිජිටල් වර්ගයේ මීටර් පාවිච්චි කිරීමේදී යම් ප්‍රමාදයක් මා අත්දැක තිබෙනවා.

කෙසේ වෙතත් ඔබගේ මූල්‍යමය හැකියාව සහ කැමැත්ත මත ඩිජිටල් හෝ ඇනලොග් වර්ගයේ උපකරණයක් ලබා ගැනීම තීරණය කළ හැකියි. මේ කවර වර්ගයේ උපකරණයක වුවද පොදුවේ දක්නට ලැබෙන්නේ මාපක වර්ග 03ක් පමණයි. 1V සිට 1000V දක්වා ඒ.සී සහ ඩී.සී විදුලිය අගය මැනිය හැකි වෝල්ට් මීටරයක්ද, මි.ඇ. 01 සිට මි.ඇ. 250ක් හෝ ඇම්පියර් 10ක් දක්වා ධාරාවේ අගය මැනිය හැකි ඇමීටරයකින්ද, ඕම්ස් 1 ක සිට මෙගා ඕම්ස් 100 දක්වා මැනිය හැකි ඕම්ස් මීටරයකින්ද  සාමන්‍ය වර්ගයේ මල්ටිමීටරයක් සමන්විත වනවා. නමුත් උපකරණයේ වර්ගය හා මිළ ගණන් මත මේ අගයන් වෙනස් විය හැකියි.මල්ටි මීටරයක් ක්‍රියාත්මක වීම සදහා 12V පමණ විදුලියක්ද අවශ්‍ය වන අතර බොහෝවිට මල්ටිමීටරය අභ්‍යන්තරයේ මේ සදහා 1.5V වියළි කෝෂ 2ක් සහ 9V වියලි කෝෂයක් භාවිතා වනවා. එලෙසම මල්ටිමීටරය භාවිතා කිරීමේදී එය කම්පන වලට හෝ සෙලවීම් වලට භාජනය කිරීම මගින් ඇනලොග් වර්ගයේ උපකරණයක් නම් එයින් ලැබෙන පාඨාංකයන් වැරදි සහිත වීමේ සම්භාවිතවක් පවතිනවා. ඒ මන්ද යත් සියුම්ව සීරු මාරු කරඇති ඉතා සිහින් කොයිලයක් මගිනුයි මෙහි පාඨාංක ලබා දීම සිදුවන්නේ. එනිසා මල්ටිමීටරයක් කිසිදු අවස්ථාවක කම්පන වලට ලක්කිරීම, දැඩි චලනයන්ට ලක් කිරීම සුදුසු නොවේ. මල්ටිමීටරයක් භාවිතාවෙන් පාඨාංක ලබා ගන්නා ආකරය ගැන මීළග ලිපියෙන් විමසා බලමු.

No comments:

Post a Comment