Social Icons

Sunday, August 4, 2013

ට්‍රාන්ස්ෆෝමරයක් යනු කුමක්ද?


මීට පෙර ඉදිරිපත් කල 230V ප්‍රධාන විදුලියෙන් එල්.ඊ.ඩී දල්වන පරිපථයන් දෙකම නිර්මාණය කොට තිබුනේ ට්‍රාන්ස්ෆෝමරයක් රහිතවයි. එනමුත් අප එදිනෙදා භාවිතා කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග වල 230V ප්‍රධාන විදුලිය උපකරණයට අවශ්‍ය වන වෝල්ට් අගයක් දක්වා පරිවර්ථනය කිරීමට භාවිත කරන්නේ ට්‍රාන්ස්ෆෝමරය නමැති උපාංගයයි. ඔබේ නිවසට විදුලි සැපයුම ලැබෙන්නේත් ට්‍රාන්ස්ෆෝමරයකින් වන අතරම ප්‍රධාන මාර්ගයන්ට ආසන්නව ස්ථාපිත කොට ඇති මෙවන් ට්‍රාන්ස්ෆෝමර් ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නැති අතර ඔබ එදිනෙදා පාවිච්චි කරන බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග තුළ තිබෙන බල සැපයුම් කොටසේ  ට්‍රාන්ස්ෆෝමරයක් අන්තර්ගත වනවා.

විදුලිය බෙදාහැරීමේදී භාවිතාවන ට්‍රාන්ස්ෆෝමරයක්
 ඉතා සරලවම කියතහොත් ට්‍රාන්ස්ෆෝමරයක් නිර්මාණය වී ඇත්තේ සන්නායක කම්බි වට ප්‍රමාණයන් ආධාරයෙන් සකසා ඇති ප්‍රාථමික සහ ද්විතියික වශයෙන් හැදින්වෙන කොයිල් ස්ථරයන් දෙකක් හෝ කිහිපයක් මගින්. ප්‍රාථමිකය වශයෙන් හැදින්වෙන කොයිල් ස්ථරයට 230V ප්‍රධාන විදුලිය සැපයෙන් අතර ද්විතියික කොටසෙන් අවශ්‍ය අගයක් දක්වා පහත දැමුණු විදුලි අගයක් ලබා ගත හැකි වන ට්‍රාන්ස්ෆෝමරන් භාවිතාවේදී Step Down Transformers ලෙස හැදින්වෙනවා. එලෙසින්ම ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතාවෙන් විදුලි අගය ඉහළ දැමීමද සිදුකරගත හැකි අතර එවැනි ට්‍රාන්ස්ෆෝමරන් Step Up Transformers ලෙස හැදින්වෙනවා.

උපාංග අභ්‍යන්තරයේ දැකිය හැකි ට්‍රාන්ස්ෆෝමරයක්
 විදුලිය ජනනය කරන බලාගාරයක සිට නිවෙස් දක්වා විදුලිය බෙදාහරින ක්‍රියාවලිය අතරතුර අවශ්‍ය පරිදි වොල්ටීයතාවය ඉහළ සහ පහළ දැමීම සදහා ට්‍රාන්ස්ෆෝමර් සුලබව භාවිතා වනවා. උදාහරණයක් ලෙස වෝල්ට් 33,000 මෙන්ම 166,000 වැනි ඉහළ අගයක විදුලිය ගෙනයන රැහැන් මෙන්ම නිවෙස් වෙත බෙදා හරින වෝල්ට් 230 අගයක් සහිත රැහැන්ද සම්බන්ධ වනුයේ ඉහතින් මා විස්තර කරන ලද දෙයාකාරයෙන් එක් ආකාරයක ට්‍රාන්ස්ෆෝමරයකටයි.

1.බලාගාරයක සිට නිවාස දක්වා විදුලිය සැපයීමේදී ට්‍රාන්ස්ෆෝමරයන්හි දායකත්වය.
ට්‍රාන්ස්ෆෝමරයක් නිර්මාණය කරන අන්දම මෙන්ම ට්‍රාන්ස්ෆෝමරන් භාවිතාවෙන් විවිධාකාරයේ බල සැපයුම් නිර්මාණය කරනු ලබන ආකාරය සම්බන්ධයෙනුත් ඉදිරි ලිපි මගින් විමසා බලමු.

No comments:

Post a Comment