හොදයි අපි පසුගිය පෝස්ට් එකෙන් සාකච්චා කලේ රෙසිස්ටර් කලර් කෝඩ් එක ගැනයි. අපි දැන් බලමු රෙසිස්ටර් කලර් කෝඩ් එක භාවිතයෙන් රෙසිස්ටරයක අගය නිර්ණය කරන්නේ කෙසේද කියා. ඉහත පෙනෙන රූප සටහන අනුව ඔබට කිව හැකියි එහි එකිනෙකට වෙනස් වර්ණක තීරු 4ක් තිබෙන බව. නමුත් මේ වර්ණක තීරු ගනන සමහර විට මීට වඩා වැඩි ප්‍රමණයක් වුවද විය හැකියි. කෙසේ වුවත් අපි දැන් බලමු ඉහතින් පෙනෙන ප්‍රතිරෝධකයේ අගය ගණනය කරන්නේ කෙසේද කියා.
මේ වර්ණ තීරු වල වර්ණක දුඹුරු, අළු, කහ සහ රත්රන් වශයෙන් පහසුවෙන් හදුනා ගත හැකි යැයි විශ්වාශ කරන අතර ඒ අනුව මෙම ප්‍රතිරෝධකයේ අගය අප ඉහතින් සදහන් කල වර්ණ කේතක වගුව අනුව පලවන තීරුවට අදාල අගය 01 වශයෙන්ද, දෙවන තීරුවට අදාල අගය 08 වශයෙන්ද තුන්වන තීරුවට අදාල අගය 04 වශයෙන්ද තීරණය කල හැකියි.
දුබුරු = 01
අලු = 08
කහ = 04
මෙම ගණනය කිරීමේ ක්‍රමවේදයට අනුව පලවන සහ දෙවන වර්ණක තීරු වල අගයන් වර්ණක වගුවේ සංඛ්‍යාත්මක අගයන් එලෙසින්ම ලබා ගත යුතු නමුත් තුන් වන වර්ණක තීරුව සදහා වෙනස් ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ යුතු වනවා. එනම් එම තීරුවේ වර්ණ තීරුවට අදාලව අප ගනණය කරන්නේ එම අගයට සමාන බින්දු සංඛයාවයි. මෙම ප්‍රතිරෝදය අනුව නම් බින්දු 04කි. එසේ නම් මෙහි අගය වනුයේ 180000 කි. අගය ගනණය කරනුයේ ඕම්ස් වලින් වන හෙයින් මෙම ප්‍රතිරෝදකයේ අගය 180000 ඕම්ස් වේ.
අවසාන වර්ණ තීරුව ගැන අපි ඊ ලග පෝස්ට් එකෙන් සාකච්ඡා කරමු.
No comments:
Post a Comment