ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් දැකලා තියෙන අය මතක් කරලා බලන්න මොනවගේ උපාංගයක්ද ඒ පරිපථයේ වැඩියෙන්ම දකින්න ලැබුනේ කියලා. මතක නම් කල්පනා කරලා බලන්න ඉතා කුඩා ප්‍රමානයේ සිලින්ඩාකාර හැඩති ක්‍රිම් පාට උපාංග ගනනාවක් ඒ පරිපථයේ දක්නට ලැබුනාද කියලා? හොදයි මම මේ කතා කරන්න යන්නේ ප්‍රතිරෝදක එහෙමත් නැත්නම් දන්න භාශාවෙන්ම කියනවා නම් රෙසිස්ටර්ස් ගැනයි .
ඉතින් මේක කියවන හැම දෙනෙක්ම වගේ අහල ඇතිනේ ඕම්ස් නියමය ගැන,
V = IR
A resistor is a two-terminal electronic component that produces a voltage across its terminals that is proportional to the electric current passing through it in accordance with Ohm's law,
ඉතින් මම වැඩි දුරට න්‍යායාත්මක දේවල් ගැන කථා කරන්න යන්නේ නෑ. මොකද ඒව ගැන වැඩිය කතා කරනවට වඩා ප්‍රායෝගික විදියට මේ දේවල් අත් හදා බලන එක තමයි වඩාත් ප්‍රයෝජනවත්. කොහොම වුනත් කෙටියෙන්ම කිවුවොත් රෙසිස්ටර් එකකින් කරන්නේ ධාරාව හීන කරන එකයි.
අපි බලමු කොහොමද මේ රෙසිස්ටර්ස් හදුනා ගන්නේ කියලා. ඔය උඩින් තියෙන පින්තූරය අනුව ඔබට පෙනෙනවා ඇති ප්‍රමානයෙන් එක සමාන වුනත් එකින් එකට වෙනස් වර්ණ සමූහයකින් එකිනෙකට වෙනස් අයුරින් එම උපකරණ වර්ණ ගන්වා ඇති බව. ඔය වර්ණ ගැන්වීම අනුව ඔය ගැන වැටහීමක් තියෙන කෙනෙකුට දැක්ක ගමන් අදුනා ගන්න පුලුවන් මොකක්ද මේ රෙසිස්ටර් එකේ අගය කියලා. මේ තියෙන්නේ එහෙම කියන්න නම් අප ප්‍රගුන කල යුතු වර්ණ වගුවයි,
00- කලු
01-දුබුරු
02-රතු
03-තැබිලි
04-කහ
05-කොල
06-නිල්
07-දම්
08-අලු
09-සුදු
අපි මී ලග පාඩමෙන් බලමු කොහොමද මේ කලර් කෝඩ් එක භාවිතා කරලා රෙසිස්ටර් එකක් අදුනා ගන්නේ කියලා,
No comments:
Post a Comment