Social Icons

Sunday, August 4, 2013

ප්‍රතිරෝධයක අවසාන වර්ණ තීරුවේ අගය ගණනය කරන අයුරු........


හොදයි අපි පසුගිය වතාවේ දැන ගත්තා රෙසිස්ටර් එකක අගය වර්ණක කේත වගුව ආශ්‍රයෙන් ගණනය කරන් අයුරු. නමුත් වර්ණ පටි 04 ක් ඇති ප්‍රතිරෝධයක අවසාන වර්ණ තීරුවේ අගය ගණනය කරන අයුරු අප සාකච්චා කලේ නැහැ. අද අප විමසා බලමු මේ අවසාන වර්ණක තීරුවෙන් පැවසෙන්නේ කුමක් ගැනද කියා. කුමන වර්ගයක ඉලෙක්ට්‍රොනික් උපාංගයක වුවද එම උපාංගයේ සදහන් අගය යම් කිසි විචල්‍යතාවයක් සිදු විය හැකියි. උදාහරණයක් ලෙස අප ඕම්ස් 1000 ක ප්‍රතිරෝදකයක් ගතහොත් එම ප්‍රතිරෝධකය විද්යුත් පරිපථයක ප්‍රායෝගිකව භාවිතා කිරීමේදි එහි එයින් ලබාදෙන ප්‍රතිරෝධය 1000 ඕම්ස් ම නොවිය හැකියි. එය සමහර විට 990 ඕම්ස් හෝ 1010 ඕම්ස් වැනි අගයක් විය හැකියි.


අප දැන් මේ කතා කරමින් සිටින අවසාන වර්ණක තීරුවෙන් කෙරෙන්නේ මෙසේ වෙනස් විය හැකි අගයේ සීමාව පිලිබදව යම් නිගමනයක් එය පරිශීලණය කරන්නා වෙත ලබා දීමයි. මෙම අවසාන වර්ණක තීරුව ලෙස බොහෝ විට භාවිතා කරන්නෙ රන් සහ රිදී යන වර්ණ දෙකයි. මෙයින් අවසාන වර්ණක තීරුව ලෙස රන් වර්ණය සදහන් වන්නේ නම් +-5% වෙනස් වීමක්ද, රිදී වර්ණය නම් +-10% වෙනස් වීමක්ද විය හැකියි. ඒ අනුව ඉහතින් දැක්වෙන රෙසිස්ටරයේ සදහන් වන වර්ණය රන් වර්ණය වන බැවින් එහි අගයේ වෙනස් වීම +-5% ලෙස සැලකිය හැකියි. එනම් එහි අගය 180000 ඕම්ස් + 180000/100*5 හෝ 180000 ඕම්ස් - 180000/100*5 විය හැකියි. නමුත් අපි ව්‍යවහාරයේදී භාවිතා කරන්නේ මෙය 180000 ඕම්ස් රෙසිස්ටරයක් ලෙසයි.අපි මී ලගට බලමු රෙසිස්ටර් වල අගය මනින ඕම්ස් වගුව කුමක්ද කියා....

No comments:

Post a Comment